P.D.M.P 81 වන සංවත්සරය සහ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් සී/ස අන්‍යෝන්‍ය අර්ථසාධක අරමුදල් සමුපකාර සමිතියේ 81 වන සංවොත්සර මහා සභාව 2020/01/04 බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ් තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සී/ස අන්‍යෝන්‍ය අර්ථසාධක අරමුදල් සමුපකාර සමිතියේ ගරු සභාපති බන්ධනාගාර කොමසාරිස් ජී.එම්.පී ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බන්ධනාගාර මූලස්ථාන පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මෙවර උසස්පෙළ සමත් වී විශ්වවිද්‍යාල වරම් ලැබූ දරු දැරියන් 24 දෙනෙකු සඳහා එම අරමුදලින් එක් අයෙකුට රු. 25,000.00 බැගින් රු. 600,000.00 ක් මුදලක් ශිෂ්‍යාධාර වශයෙන් පිරිනැමීම සිදුවිය. තවද මෙහිදී වාර්ෂික නිලවරණය පැවති අතර සී/ස අන්‍යෝන්‍ය අර්ථසාධක අරමුදල් සමුපකාර සමිතියේ නව සභාපති ලෙස බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා තේරී පත්වුණි.